FAST NEWS

24×7 Around the Globe

ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය පුළුල් කිරීමට පියවර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කෙටිකාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල් ශාඛා ජාලය පුළුල් කරන ලෙස අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එහි එක් පියවරක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා වූ ඔසුසල මාතලේ නගරයේ දී සහ දඹුල්ල නගරයේ දී ලබන 25 දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිතය.
කෙටි කාලීන සැළැස්මක් යටතේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් ඔසුසලක් බැඟින් සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහාම එක් ඔසුසලක් ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණයි.
කෑගල්ල, බදුල්ල, අම්බලන්ගොඩ, දර්ගා නගරය වැනි නගර වලත් ඉදිරියේදී ඔසුසල් විවෘත කිරීමට සැළසුම් කර තිබෙන බව ද වාර්තා වේ.