FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අපරාධ කොට්ඨාසයත් සී.අයි.ඩී ප්‍රධානියාටම..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි ආරංචි මාර්ග කියයි.
මීන් පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ,කොන්ත්‍රාත් පදනම මත සිටි ඒ මහතාගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතටම පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.