(ෆාස්ට් නිව්ස් – කොළඹ) – (update) නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබීමේන් පුද්ගලයින් 49 ක් දෙනෙක් මීයගොස් ඇති බව නවසීලන්ත පොලිස් ප්‍රධානීවරයා ප්‍රකාශ කර තිබේ.
ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබීමේන් පුද්ගලයින් 40 ක් මරුට..(UPDATE)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – (update) නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබීමේන් පුද්ගලයින් 40 ක් දෙනෙක් මීයගොස් තවත් පුද්ගලයින් 20 ක් පමණ බරපතල තුවාල ලබා ඇති බව නවසීලන්ත අග්‍රමාත් ජසීඩා ආඩර්න් මහත්මීය නිල වශයෙන් සඳහන් කර තිබේ.
එසේම මෙම වෙඩි තැබිමේ සිද්ධියට අදාළව පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා කියයි.
ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබිමේ සිද්ධියෙන් 27 ක් පමණ මරුට..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – (update) නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබීමේන් පුද්ගලයින් 27 දෙනෙක් පමණවත් මීයගොස් ඇති බව විදෙස් වාර්තා කියයි.
නවසීලන්ත අගමැතිවරයා “නවසීලන්තයේ අඳුරු දවසක්” වශයෙන් මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි වෙඩි තැබිමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – (update) නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවට එරට පොලිසීය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබිමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්ටර්චර්ච්හි නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා තිබේ.
මෙම වෙඩි තැබිම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පැවසේ.
නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලිමක් සිදු කර තිබේ.
මෙම වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද ගොස් ඇති ඇති බවත් ,ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත්ව යාමට සමත්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.