FAST NEWS

24×7 Around the Globe

කොළඹ 07න් කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ප්‍රදේශයේ පොලිසිය සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී කේරළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 585 පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සැකකරුවන් වසය අවුරුදු 28 සහ 29 යන වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සදහන් කරයි.