FAST NEWS

24×7 Around the Globe

ස්ථානාධිපතිගේ මුද්‍රාවට ව්‍යාජ නිල මුද්‍රාවක් සැදූ තැපැල් සේවකයා අත්අඩංගුවට…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එප්පාවල පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.පී. රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ එම ප්‍රදේශයේම තැපැල් හළක සේවය කරන 25 හැවිරිදි තැපැල් සේවකයෙක් එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දිනක මෙම සැකකරු තම සේවය ස්ථිර කර ගැනීමට පොලිස් වාර්තාවක් ලබාගැනීමට ගොස් තිබෙන අතර , ඔහු
පුද්ගලයෙකුට අවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් අපරාධයක් සිදු නොකළ බවට පොලිස් සහතිකයක් නිකුත් කළ නොහැකි බව පොලිසිය විසින් ඔහුට දැනුම් දී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.