FAST NEWS

24×7 Around the Globe

ඉඩම් ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන 16 වනදා සිට ඉඩම් ලියාපදිංචි කිරීම එක්දිනකින් අවසන් කිරීමේ සේවාවක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ.
මීට සමගාමීව භාෂා ද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම හා නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබාදීමේ දීප ව්‍යප්ත වැඩසටහනද ආරම්භ කිරීමට නියමිතව ඇත.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා කඩිනම්ව ලබාදීම මෙහි අරමුණ වේ.
මෙතෙක් පැවැති ක්‍රමය අනුව ඉඩමක ඔප්පුවක් ලියාපදිංචි කිරීමට දින ගණනක් ගත වුවත් මින්පසු කාර්යක්ෂමව ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම එකම දිනකින් සිදුකරගැනීමේ අවස්ථාව ජනතාවට උදාවනු ඇත.