FAST NEWS

24×7 Around the Globe

මහින්ද ඇතුලු පාර්ශවය ගොනුකළ පෙත්සම ඉල්ලා අස් කරගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් විසින් අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) ඉල්ලා අස්කරගෙන ඇත.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම ඊයේ (13) ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් පැමිණිලි පාර්ශවය විසින් එම අභියාචනා පෙත්සම ඉවත් කරගන්නා බව මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.