FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප – ශ්‍රීලපොපෙ සාකච්ඡා ඇරඹෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙයි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගී වී සිටියහ.
මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සාකච්ඡාවට එක්ව සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි කටයුතු සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා සිදු කෙරෙයි.