FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (14) ජගත් පරිසර සමුළුව අමතයි…

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගි වීම සදහා ඊයේ (13) පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) සිය දේශනය සිදුකිරීමට නියමිතය.
මෙවර එහි තේමාව වන්නේ ‘‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’’යන්නයි.
කෙන්යානු ජනපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුව සදහා සහභාගී විය.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.