FAST NEWS

24×7 Around the Globe

දකුණට හා සබරගමුවට නව SDIG වරු පත්කෙරෙති..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – දකුණු පළාතේ සහ සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා අද (14) ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පත්කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතා දකුණු පළාත සදහාත් , සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාත් පත්කර ඇත.
අදාළ තනතුරු සදහා මෙම පත්වීම් සිදුකරනු ලැබුවේ දින 21 කට පසුවය.
දකුණු හා සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබුණු විශේෂ විමර්ශන ඒකකයෙන් රත්ගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු එම පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කොළඹට ස්ථාන මාරු කරනු ලැබීය.