FAST NEWS

24×7 Around the Globe

අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි..

 (ෆාස්ට් නිව්ස් |කොළඹ) –  2019 වසරට අදාළ අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි.
අද (14) විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි.
ඊයේ (13) දිනයේදී ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, ස්වාධීන කොමිෂන් සභා ඇතුලු ආයතන 22ක වැය ශීර්ෂ විවාදයට ගනු ලැබූ අතර , එම වැය ශීර්ෂ සංශෝධන රහිතව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.