FAST NEWS

24×7 Around the Globe

ලංකා IOC මිලත් ඉහළ දමයි…

 (ෆාස්ට් නිව්ස් |කොළඹ) –  ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙසත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් ලෙසත් මිල ඉහළ ගොස් ඇත.
මිල සූත්‍රයට අදාළව සෑම මසකම සිදුවන ඉන්ධන මිල සංශෝදනයට අනුව ලංකා පිරවුම්හල්වල ඉන්ධන මිල පසුගිය 12 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කිරීමට රජය පියවර ගෙන තිබුණි.