FAST NEWS

24×7 Around the Globe

ජනපති වැය ශිර්ෂය සම්මත වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -:අයවැය මගින් 2019 මුදල් වර්ෂය සඳහා වෙන් කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ජනාධිපති වැය ශිර්ෂය  සඳහා බෙදීමක් ඇති බැවින් ඡන්දයක් ලබාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලිමක් කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
ඒ අවස්ථාවෙදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ ජනාධිපති වැය ශිර්ෂය සඳහා කිසිදු බෙදීමක් නොමැති බැවින්  එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙසය.
ඒ අනුව ජනාධිපති වැය ශිර්ෂය සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය සටහන් කරගමිනින් එය සම්මත වු බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.