FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපතිගෙන් පැය 06 කට ආසන්න කාලයක ප්‍රකාශයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෙවන දිනයටත් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.‍
පෙරවරු 9.30 ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහු ඉන් පිටව ගොස් ඇත්තේ පස්වරු 3.30 ට පමණය.
2008 – 2009 අතර කාලයේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.