FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන වෙයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉදිරි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා චන්ද්‍රසිරි ගජධීර මහතා තේරී පත්වී තිබේ.

ඒ අනුව ඔහු ඉදිරියේදී විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරන බව ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.