FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ ගෝලයෙක් වු සුද්දා අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඩුබායිහිදි අත්අඩංගුවට පත් මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උදව් උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු වන පැගිරිවත්තේ සුද්දා නැමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් අද (13) දහවල් දෙල්කද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත බව පොලිසිය පවසයි.
අතක් අහිමි මධුෂ්ගේ පියාට කලූතර රෝහලින් බොරු අතක් සාදවා දීම, පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, ඇරැව්වල දියමන්ති කොල්ලය සම්බන්ධයේ අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකන්දේ කසුන් නැමැත්තා ගිනි අවියක් සමඟ මෝටර් රථයෙන් ඇරැව්වලට කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම ආදි කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවද පොලිසිය කියයි.