FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන තුළ බුලත්විට භාවිතය තහනම් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ විධිවිධාන ඇතුලත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කර තිබූ ඉල්ලීමට අනුව කැබිනට් අනුමැතිය හිමිවිය.
අදාළ නිෂ්පාදන භාවිතයෙන් දිනෙන් දින ඉහළ යන මුඛ පිළිකා හේතුවෙන් අදාළ තීරණය ගෙන තිබේ.
එමෙන්ම පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වේ.
දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.