FAST NEWS

24×7 Around the Globe

විදුලි සෝපාන සදහා අදාළ යෝග්‍යතා සහතිකයට කැබිනට් අනුමැතිය..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ආරෝහක යන්ත්‍ර සහ විදුලි සෝපාන යන්ත්‍ර සදහා විද්‍යුත් ආරක්ෂාව පිළිබඳ යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම යන්ත්‍රවල සිදුවන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් විදුලි ඇණහිටීම් හේතුවෙන් ඇතිවූ බැවින් අදාළ තීරණය ගෙන ඇත.