FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන් 07 දෙනා යළිත් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරෙගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ඇතුළු පොලිස් නිලධාරින් 06 දෙනා සහ බීට්ටු වන නිලධාරියා ලබන 27 තෙක් රිමාන්ඩ්කර තැබීමට අද (13) ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කරනු ලැබීය.