FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්ධන මිල ඉහල දැමීමට සාපේක්ෂව කුලී ත්‍රීරෝද රථ ගාස්තුද වැඩි කිරීම කෙරෙහි සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.
අද (13) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිළිබද අවසන් ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව එම සංගමය කියයි.
කෙසේ වෙතත් තෙල් මිල සූත්‍රයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියලකින් පමණක් ඉහල ගිය බැවින් බස් ගාස්තු ඉහල නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව බස් හිමීයන්ගේ සංගම්වල ස්ථාවරය වි තිබේ.