FAST NEWS

24×7 Around the Globe

ජගත් මානව හිමිකම් සැසියට ජනපතිගේ උපදෙසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි , 40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් පත්කිරීමට කටයුතු කර ඇත.
මෙම කමිටුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළත් වෙයි.