FAST NEWS

24×7 Around the Globe

කථානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කථානායක කරූ ජයසූරිය මහතා අද (13) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භක අවස්ථාවේදීම මන්ත්‍රීවරුන් හට අවවාදයක් ලබාදුන්නේය.
ඒ , අද දිනයේ සිට අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙන බැවින් විවාදයට එක්වන මන්ත්‍රීවරුන් සිය අසුන් වල සිට කටයුතු කරන ලෙසටයි.
කථානායකවරයා මේ අවවාදය ලබාදී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරුන් සිය අසුන්වල නොසිට විවාදවලට එක්වීම පිළිබඳව වාර්තා වී බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින්ය.