FAST NEWS

24×7 Around the Globe

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 119 ක් ප්‍රකාශ වු අතර විපක්ෂව ඡන්ද 76 ක් ප්‍රකාශ විය.
ඒ අනුව වැඩි ඡන්ද 43 කින් 2019 අයවැය දෙවනවර කියැවිම සම්මත විය.
අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ විය.
අයවැයට විපක්ෂව එ්කාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණි නොසිටියහ.