FAST NEWS

24×7 Around the Globe

2019 ඡන්ද හිමි නාමලේඛන සකස් කිරිමේ කටයුතු ඇරඹේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 ඡන්ද හිමි නාමලේඛන සකස් කිරිමේ මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ඊට අදාළව ආකෘති පත‍්‍ර නිවෙස්වලට බෙදාහැරීම කඩිනමින් සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පිරිස් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳ ග‍්‍රාම නිලධාරින් දැනුවත් කිරිම මේ මාසය ඇතුළත සිදුකිරිමට නියමිත බවද හෙතෙම කීය.