FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදන මිල පිළිබඳ රතු එළියක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
මෙවර අයවැයෙන් බේකරි කර්මාන්තය සඳහා අපේක්ෂිත කිසිදු සහනයක් නොලැබුණු බව හෙතෙම පෙන්වා දෙයි.
ඒ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් එ මහතා වැඩි දුරටත් පැවසීය.