FAST NEWS

24×7 Around the Globe

ඉලංගෙයි තමිල් අරසු කච්චි නිවේදනයකින් විපක්ෂ නායකත්වය ඉල්ලයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි අද නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බව ය.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, තනි පක්ෂයක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ආසන 16ක් ලබා ගැනීම ය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජය ගත් ජනතා නියෝජිතයින් ජාතික ආණ්ඩුවකට එකඟ වී ඇමති ධුර දැරීමට සූදානම් වන බව එම ලිපියේ සඳහන් වේ.

මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ශ්‍රී ලාංකිකයින් ලෙස පිළිගැනීමක් ලබා දීම පිණිස විපක්ෂ නායක ධුරය ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙත ලබා දිය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.