FAST NEWS

24×7 Around the Globe

අල්ලසක් ලබාගැනීමේදී CID සැරයන්වරයෙකු අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අල්ලස් ලබාගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි අල්ලස් ලබාගත් ව්‍යාපාරිකයාගේ නිවසේ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය‍ෙ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කෙරෙන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා නොකර සිටීම සඳහා රුපියල් 80,000 ක මුදලක් මෙලෙස ඔහු විසින් ලබාගෙන ඇත.
සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී ද අදාළ ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.