FAST NEWS

24×7 Around the Globe

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ස්ථාන මාරුවට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි.