FAST NEWS

24×7 Around the Globe

ජනපති උපදෙසින් මත්ජාවාරම් මැඩලීමට විශේෂ දුරකථන අංක තුනක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ජනාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඒ අනුව 011 3024820, 3024848, 3024850 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු දැනුම්දීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
නීති විරෝධි මත්පැන් කඩිනමින් වැටලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.