FAST NEWS

24×7 Around the Globe

රාජිතට හා තලතාට එරෙහිව හෙළ උරුමයෙන් ජනපති කොමිසමට පැමිණිලි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හා අමාත්‍ය තලතා අතුකාර මහත්මියට එරෙහිව ජනපති කොමිසම වෙත පිවිතුරු හෙළ උරුමය විසින් ඊයේ (06) පැමිණිලි ගොනු කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන අය විසින් මෙම පැමිනිලි ඉදිරිපත් කර ඇත.
එහිදී යසපාල කෝරළගේ මහතා තලතා අතුකෝරල අමාත්‍යවරිය විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් කටයුතු කල වකවානුවක් වන 2015 අගෝස්තු මස 26 වන දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී එමඟින් සිදුවී ඇති රුපියල් මිලියන 1500 ක වංචාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබේ.
නීතිඥ තුෂාර දිසානායක මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරන ඖෂධ මාෆියාවක් පිළිබඳ කරුණු කොමිසම හමුවේ අනාවරණය කළ බවත් වාර්තා වෙයි.