FAST NEWS

24×7 Around the Globe

මහනුවර නගරයේ රථවාහන සැලසුම වෙනස් නොකෙරේ .

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර නගරයේ අලුතින් ක්‍රියාත්මක කළ රථවාහන සැලැස්ම කිසිදු අයුරකින් යළිත් වෙනස් නොකරන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි

ඔහු දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව සැලැස්මට නගරයේ රියදුරන් සියයට 90 කගේ ප්‍රසාදය හිමිව ඇති බවයි

එමනිසා සුලු පිරිසකගේ විරෝධතා මතය පිලිගැනීමට තමන් සුදානම් නොමැති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.