FAST NEWS

24×7 Around the Globe

කේ.ඩී ලාල්කාන්තට ඇප ගන්න ජවිපෙන් අද (07) මෝසමක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ)- අනතුරක් සිදුකිරීම සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව බිමල් රත්නායක මහතා සදහන් කළේය.
අනුරාධපුර – නව පුත්තලම මාර්ගයේදී ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථය ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර එහිදී යතුරුපැදියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.