FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයක් උණුසුම් වේ – ජනතාවට අනතුරු ඇගවීම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ)- අද (07) උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බව ජනතාවට දැනුම් දෙයි.
මීට පිළියම් ලෙස ප්‍රමාණවත්ව ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ වගේම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ද මෙම තත්ත්වය පිළිබඳව සැළකිලිමත් විය යුතු අතර, කුඩා දරුවන් වාහන තුළ තනිවම රඳවා තැබීමද අවදානම් බවත් මේ පිළිබදව වඩාත් සැලකිලිමත්වන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.