ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන ලෙස FCID යට නියෝග…

ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන ලෙස FCID යට නියෝග…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනාවලට අදාළ විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු යළි දීර්ඝ කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉල්ලීමක් කළද එය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මීට පෙරත් විවෘත වරෙන්තු නිකුත් කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ අංශ සමත් නොවීම හේතුවෙන් යළිත් වරෙන්තු නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් හෝ දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දෙයි.
2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කළහ.