FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී ලෙස පැමිණෙන කිසිවකුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඉඩ නෑ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණිමට සිත අයට තමන් පවසා සිටින්නේ නීති විරෝධී බෝට්ටු ගමනකින් තම රටට පැමිණ එහි පදිංචියට කිසිවෙකුට ඉඩ නොදෙන බව ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් කියයි. නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන කිසිවෙකුට එහි පදිංචි වීමට ඉඩ නොලැබේ. ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන ඕනෑම පුද්ගල ජාවාරම් බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ආපසු හරහා යවන බව අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් කියයි.
පුද්ගල ජාවාරම නමැති සාපරාධී ක්‍රියාව නැවැත්වීමට සහ අවදානමක් සහිත පුද්ගලයන් අනාරක්‍ෂිත බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමෙන් වැළැක්වීමට ඕස්ට්‍රේලියාව ඇප කැප වී ක්‍රියා කරයි.
අවසන් වරට පුද්ගල ජාවාරම්කාර බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවට පැමිණි දින සිට වසර තුනකට වැඩි කලක් පමණ ගත වී ඇත. එදා මෙදා තුර ඕස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කළ පුද්ගල ජාවාරම්කාර බෝට්ටු හැමෙකක්ම අතරමගදී අල්ලාගෙන ඔවුන් පිටත් වූ රටවලටම ආපසු හරවා යවා ඇත.
මුහුද ආශ්‍රිත පුද්ගල ජාවාරම නැවැත්වීමට සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමට, මුහුද මැද ජීවිත නැති වීම වැළැක්වීමට සහ ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්‍ෂා කිරීමට ඕස්ට්‍රේලියාව දැඩි දේශ සීමා ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා ඇත.
වීසා බලපත්‍රයන් නොමැතිව බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කරන කවුරු වුණත් ඔවුන් පිටත් වූ රටවලටම ආපසු හරවා යවනු ඇත, ඔවුන්ට කිසි දිනෙක ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. ඔබේ පවුලේ උදවිය සහ මිතුරන් වීසා බලපත්‍රයක් නොමැතිව බෝට්ටුවකට නැග්ගොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාවට පැමිණීමට ලැබෙන්නේ නැතැයි සිය පණිවිඩයෙන් අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් කියයි.