FAST NEWS

24×7 Around the Globe

ප්‍රභූ ඝාතන සිද්ධියේ නාලක ද සිල්වාට විරුද්ධව ඇති සාක්කි කැදවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්දියට සම්බන්ධව නාලක ද සිල්වා මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්කි මොනවාද යන්න පිළිබඳ  අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කරනු ලැබීය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බැවින් ඔහුව මුදා හැරීමට කටයුතු කරන මෙන් තමා ඉල්ලා සිටින බවයි.
නිතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුට විරුද්ධව  ඝාතන කුමන්ත්‍රණය සම්බන්යෙන් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී ඇති බවයි.
සියලු කරුණු සළකා බැලු අධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.