FAST NEWS

24×7 Around the Globe

කිරිපිටිවල ගුණාත්මක බව සෙවීමට විදේශ රටකදී පරීක්ෂණයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබදව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් විදේශයකදී පරීක්ෂණ සිදුකරන බවත් ඔහුට යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් තමන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර බෙදීමක් ඇති කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කළ බවත් අමාත්‍යවරයා ඔහුගේ මතයත් තමා තම මතයත් පැවැසූ බවත් බුද්ධික පතිරණ මහතා පැවැසීය.