FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරු හිග කමින් පුත්තලම මූලික රෝහල් දැඩි සත්කාර ඒකකය වැසෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම මූලික රෝහලට නිර්වින්දන වෛද්‍යවරු නිසි පරිදි නොමැතිකමින් එහි දැඩි සත්කාර ඒකකය ඊයේ (05) පෙරවරුවේ සිට වසා දමා ඇති බව වාර්තා වෙයි.
මෙම ඒකකය අවම වශයෙන් පවත්වාගෙන යාමට නම් නිර්වින්දන වෛද්‍යවරුන් 04 දෙනකුගේ සේවය අවශ්‍යයව ඇත.
මේ තත්ත්වය හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලැබිය යුතු රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීම හේතුවෙන් එම ජනතාවට දැඩි අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුව තිබේ.
උදාවී ඇති තත්ත්වය පිළිබදව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ බළධාරින් සහ අනෙක් ප්‍රධාන රෝහල් දැනුවත් කර ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් පුත්තලම මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්.ජවුපික් මහතා සදහන් කර සිටියේය.