(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මාතෘ භූමිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මුථමනින් නිදහස් කරගත් රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
2019 වසරේ දී රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරෙන මෙම රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
තවද ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳ වීය.
දිවිපිදු , අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.








