(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන මාර්තු 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් දියත් කිරීමට පියවර ගන්නා බව ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කරයි.
වසර 22 ක බීසී පෙරේරා වැටුප් විසමතා ඉවත් කර වැටුප් වැඩි කරන ලෙසටත් , නව ව්‍යවස්ථා මඟින් පැහැරගනු ලැබූ මාස 30ක හිඟ වැටුප් වහා ගෙවන ලෙසටත්, 2016.01.01 දින සිට නවක පත්වීම් ලැබූ ගුරුවරුන්ට අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබාදෙන ලෙසටත් බල කරමින් මෙම වර්ජනය සිදුකිරීමට ප්‍රධාන හේතු ලෙස ඔවුන් දක්වයි.
මීට අමතරව ගුරු – විදුහල්පති වැටුප් විසමතා ඉවත් කරන ලෙසත්, ගුරු – විදුහල්පති සේවා දීප ව්‍යාප්ත සේවාවක් කරන ලෙසත්, ගුරු – විදුහල්පති සේවාවන්හි ඪ පන්තියට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසත්, කලාප අධ්‍යාපන කාර්යාලවල ආයතනික කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් පත් කරන ලෙසත්, ගුරු සේවා ව්‍යවස්ථාවේ සංශෝධන වහා ක්‍රියාත්මක කරන ලෙසත්, ඉල්ලා 13 වන දින මෙම වැඩ වර්ජනය දියත් කරන බවද ගුරු – විදුහල්පති සංගම් පවසයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, පුහුණු, විද්‍යාපීඨ හා උපාධි ගුරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් ගුරු සංගමය, ජනතා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය සහ විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් මේ සදහා එක්වෙයි.