FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බැහැර කළ නොහැකියි – ජනපති

(ෆාස්ට්  නිව්ස්  | කොළඹ) ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව තමන්ට බැහැර කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අද (06) පෙරවරු ජනපති නිල නිවසේදී දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් හා පැවැත්වුණූ හමුවකදී සඳහන් කළේය.
රටේ පවතින තත්ත්වය යටතේ ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වුණි.
මේ වන විට රට පවතින ආර්ථික අස්ථාවරත්වයෙන් රට ගොඩ නැගීම සඳහා දේශපාලන වෙනස්කම් අමතක කරමින් රට වෙනුවෙන් වැඩ කිරිමට එක්වෙන ලෙසද ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය.