(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවීන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට උපත් ආබාධ ඇති දරුවන්ට නිසි ප්‍රතිකාර නොමැති වීමත් සමඟ, මෙය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට නිසි ප්‍රතිකාර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු ඊයේ (05) ශ්‍රි ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ පැවැති ලෝක උපත් පාලන දිනයේ නිල උත්සවය අමතමින් මේ බව ප්‍රකාශ කළේය .
ශ්‍රි ලංකාවේ සෑම වසරකදීම උපත් ආබාධ සහිත දරුවන් 5800ක් මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650ක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යයි.
තවද දරුණු උපත් අබාධවලින් 200 දෙනෙක් ජීවිත කාලය පුරා පීඩා විඳින බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ද ප්‍රකාශ කරයි.
වර්තමානය වන විට ස්කෑන් පරීක්ෂණයක් යටතේ කළල ආබාධ හෝ විකෘතිතා සති 18-20ත් අතර කාලයේදී හදුනා ගැනීමට හැකියාව තිබෙන නිසා උපත් ආබාධවලින් තොර දරු උපතක් සිදු කිරීමට හැකි බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති අනුලා විජේසුන්දර මහත්මිය පැවසීය.








