FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍යය රටින් තුරන් නොකළහොත් පොලිසිය වැඩබැරි ආයතනයක් – ජනපති..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) වෝටර්ස් ඒජ් හිදී ආරම්භ කළ මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව ආමන්ත්‍රණය කරමින් සදහන් කළේය.
දශක 03 ක් පුරාවට පැවති ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.