FAST NEWS

24×7 Around the Globe

මිහින්තලේ දාගැබක් මත නැග ඡායාරූප ගත් සිසුන්ට 50,000 බැගින් දඩ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගිය 14 වනදා අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට රුපියල් 50,000 බැගින් දඩ ගෙවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (05) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ මුතූර් ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුටයි.
මෙම සිසුන් නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන අතර මිහින්තලයට පැමිණ තිබුණේ විනෝද චාරිකාවක් සදහායි.