FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය ලබාදීම පැහැරහරින බවට සුමන්තිරන්ගෙන් චෝදනාවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුව විසින් ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බවට ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ නිලධාරින් දිගින් දිගටම පැහැර හරින බව එහි සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සදහන් කළේය.
පසුගිය ජනවාරි 25 වැනිදා වනවිට අදාළ ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන ලෙස සුමන්තිරන් මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
නමුත් එදින පැවැති කාරක සභා රැස්වීමට අඩුම තරමින් එම අමාත්‍යාංශ නිලධාරින් පවා සහභාගී නොවුන බව ඒ මහතා චෝදනා කරයි.
පසුව යම් ලේඛන කීපයක් කාරක සභාවට යොමු කළ ද ඒවායේ ඉන්ධන මිල සූත්‍රයක් සඳහන් නොවුන බවත් , ඉන්ධන මිල සූත්‍රය අනාවරණය නොකිරීම මගින් පෙනීයන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ සැබෑ දත්තවල ප්‍රශ්නයක් ඇති බව යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.