FAST NEWS

24×7 Around the Globe

උෂ්ණාධික කාලගුණ තත්ත්වය තව මාස 02 ක්…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ඉදිරි මාස 02 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියි.
සුළගේ වේගය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවත්, ඒ අනුව මැයි මාසයේ නිරිතදිග මෝසම සක්‍රිය වන තුරු මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.