FAST NEWS

24×7 Around the Globe

පාසල් ක්‍රිකට් සමයේ දී විනය කඩනොකරන ලෙස පොලිසියෙන් සිසුන්ට දැනුම් දීමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරඟාවලි හේතුවෙන් අදාළ කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දෙයි.
එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.
අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, බාලිකා පාසල් සඳහාද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
පාසල් මහා ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවේ දීප ව්‍යාප්තව මාර්ග ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මේ අතර පසුගිය වසරේ පාසල් ක්‍රිකට් තරඟාවලි පැවැත්වූ කාල සීමාවේ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 250 කට අධික පිරිසකට එරෙහිව නඩු පැවරූ බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.