FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය මර්දනය,නිවාරණය හා පාලනය ජාතික වැඩසටහන හඳුන්වාදීම හෙට (06)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට (06) දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) සදහන්කර සිටියේය.
ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය, පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව, සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබද විද්වත් සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
මානව හිමිකම් පිළිබද සාකච්ඡා කරන ජාත්‍යන්තරය, මත්ද්‍රව්‍ය නිවාරණයට අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු කර නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.