FAST NEWS

24×7 Around the Globe

මන්නාරම තවත් සමූහ මිනීවළක් මතුවෙයි.

මන්නාරම ප්‍රදේශයේ මිනිස් සිරුරු වළදමා ඇති බවට සැලකෙන තවත් සමූහ මිනීවලක් පිළිබඳව කැනීම් සිදු කිරීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා නියෝග කොට ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පෙනවා දී ඇත්තේ මන්නාරම් තිරුකේදීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටා තිබූ ළිඳක් සමීපයේ තවත් මල සිරුරක් පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇති හෙයින් එයද කැනීමේ කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසටයි.

එහිදී මන්නාරම් මහෙස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා විසින් නියෝග දී ඇත්තේ කැනීම් කටයුතු නඩු භාණ්ඩ වලට හානියක් නොවන අයුරින් සිදු කළ යුතු බවයි.

මේ හේතුව නිසා පසුගියදා (27දා) පොලිස් නිලධාරීන් මිනින්දොරු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැනීම් කටයුතු ආරම්භ කොට ඇති අතර එහිදී කැනීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ මිනිස් ශ්‍රමය පමණක් යොදාගෙනය.