FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර ඇළක තිබී මළ සිරුරක් හමුවෙයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර, තිඹිරිකඩවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන හිස රහිත පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (04) ප්‍රදේශාවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුරු කොටස සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ මීට දින කිහිපයකට පෙර මොහුව ඝාතනය කොට ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවද සැක කරන බවයි.